සුරූපී නෑනාට රහසින් කියූ පෙම්බස් නෝනාට මාට්ටු වෙලා, තරුණයෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම මෙන්න

සිය නෑනාට දැමූ ආදර බස් තමන්ගේ නෝනා ශ්‍රවණය කිරීමෙන් නෝනාගේ නෝක්කාඩු දිරවා ගැනීමට නොහැකිවූ අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.නෝනාට වඩා ඔහු ආදරය කළේ නෑනාටය. නෑනා ඔහු හොඳටම හඳුනාගන්නේ නෝනා ගෙදරට කැන්දාගෙන ආ දවසේ සිටය. ඔහුට ටික දිනකින්ම නෝනා එපා වූයේ ඇයගේ හැකර කට නිසාය. තමාට කිසි ගරුසරුවක් නොදැක් වූ නිසාය. ඒත් නෑනා ඔහුට ඉතා ලැදි බවක් දැක්වූවාය. ඒ සමගම ඔහුත් ඇයට ඉතාම ලෙන්ගතු වූවේය.

ඇයගේ රූප සොභාවත් තමා දිහා බලන කරුණාවන්ත බැල්මත් නිසා නෑනාට ඔහුගේ සිත ගියේ ඉබේටමය.

නෑනා ඔහුට ළංවූයේ තමාට සොහොයුරකු නැති අඩුව මකා ගැනීමටය. ඔහු මේ තමාට ළංවනුයේ එය පලදරමින් බව නෑනා සිතුවාය. නමුත් නෑනාගේ ඒ සිතිවිල්ල වැරදි බව ඇයට හැඟී ගියේ ඔහුගේ හැසිරීම එන්න එන්නම නරක අතට හැරුණු නිසාය. මේ පිළිබඳව සිය මස්සිනාට ගතු කීවත් ඊට පලක් නොවීය.

මේ සම්බන්ධයෙන් ඇය සිය සොහොයුරියට කීමට මැලි වූයේ ඔවුන් දෙදෙනාගේ යුග දිවියට එයින් ලොකු පහරක් වැදේ යයි සිතූ නිසාය. ඒත් මස්සිනාගේ වැඩ නිසා එය තව දුරටත් වසන් කිරීම සිය දිවියට ලොකු කැළලක් වේ යයි සිතූ ඇය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත්තාය. ඒ සොහොයුරිය දැනුම්වත් කිරීමටය. ඒ අනුව ඇය සිය සොහොයුරිය දැනුම්වත් කළාය.

සොහොයුරිය එය පිළිගැනීමට මැලිවූවාය. සිය නැගණියට ඔහු සොහොයුරෙකු ලෙස දැඩි ලෙන්ගතුව සලකන නිසා මෙලෙස ඇයට සිතෙන්නට ඇතැයි ඇය සිතුවාය. මේ නිසා ඇය සිය සැමියාට බොරු චෝදනා එල්ල කරන්න එපා යැයි නැගණියට කීවාය.

මේ අතර වාරයේ දී නෑනා ඔහුගේ නිවසේ සිටින විට දී ඔහු ඇයගේ දුරකතනයට ඇමතුමක් දුන්නේය. මෙය සිය මස්සිනාගේ කෙරුවාව සොහොයුරියට පෙන්වන්න හොඳ අවස්ථාවක් බව සිතූ ඇය තමාට මස්සිනා කතා කරන බවත් මෙයට සම්බන්ධ වී සැමියාගේ තරම බලා ගන්නා ලෙස ද ඇය කීවාය.

නැගණියගේ කීම සත්‍යයක්දැයි සොයා බැලීමට නෝනා ඔහුගේ ඇමතුමට සම්බන්ධ වූයේ නැගණිය මෙන් කතා කරමිනි. ‘‘ආ මගේ සුදු මැණිකේ මොකෝ කරන්නේ’’ යැයි ඔහු කී විට ආ ‘‘මමත් ඔයා මතක් කර කර තමයි හිටියේ’’ ඇය කීවාය. ඒකනේ මම දන්නවානේ මගේ සුදු මැණිකේ මට ආදරේ බව. ඔයා කැමති නම් මම හෙට වුණත් ඔයා එක්ක යනවා, ඔහු පෙරළා කීවේය.

මේ සමගම නෝනාට උන්හිටි තැන් පවා අමතක වී ගියාය. ‘‘හා එක්කන් යන්න උඹ අද ගෙදර වරෙන් කෝ’’ යැයි ඇය කීවිට මේ සම්බන්ධවී ඇත්තේ නෑනා නොව නෝනා බව පසක් වූ විට ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේය. සැමියාගේ තරම එදා ඉදලා දැන්ගත් ඕ මොන ප්‍රශ්නයක් නිවසේ ඇතිවුවත් සැමියාට කට උස්සන්න නොදී නෝක්කාඩුම කියමින් ඔහු දමනය කරන්නේලු‍.

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
මෙම ලිපියේ උපුටා ගැනීම “ලංකාදීප” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48