සුපිරි වෙළඳසැල් බිඳ දුම්වැටි, කජු, චීස් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්වල ඉදිරිපස වීදුරුවට ගල්වලින් පහර දී අලහාභානි සිදුකර, ඒවාට ඇතුළු වී දේපළ සොරාගත් පුද්ගලයෙක් සුපිරි වෙළෙඳසැලක භාණ්ඩ සොරා ගනිමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පසනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ හෝමාගම, රත්නපුර, බණ්ඩාරගම, හොරණ වැනි ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්වලට මෙලෙස අලාභ හානි සිදුකර ඒවායේ තිබූ ලක්ෂ 10 පමණ වටිනා භාණ්ඩ වර්ග කිහිපයක් සොරාගෙන ඇති බවයි.

මෙලෙස සුපිරි වෙළඳසැල්වලට ඇතුළුවන සැකකරු එම වෙළඳසැල්වල ඇති කජු, දුම්වැටි සහ චීස් පමණක් සොරකම් කර ඇති අතර, එලෙස සොරාගත් භාණ්ඩ කොළඹට රැගෙන ගොස් විවිධ පුද්ගලයන්ට ඉතා අඩු මිල ගණන්වලට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අලෙවිකර ලැබෙන මුදල් වලින් මෙම සැකකරු දුර බැහැර ප්‍රදේශවලට ගොස් හෝටල්වල නවාතැන් ගෙන විනෝද වී ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන අයෙක් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34