spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි වෙළඳසැල් බිඳ දුම්වැටි, කජු, චීස් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්වල ඉදිරිපස වීදුරුවට ගල්වලින් පහර දී අලහාභානි සිදුකර, ඒවාට ඇතුළු වී දේපළ සොරාගත් පුද්ගලයෙක් සුපිරි වෙළෙඳසැලක භාණ්ඩ සොරා ගනිමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පසනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ හෝමාගම, රත්නපුර, බණ්ඩාරගම, හොරණ වැනි ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්වලට මෙලෙස අලාභ හානි සිදුකර ඒවායේ තිබූ ලක්ෂ 10 පමණ වටිනා භාණ්ඩ වර්ග කිහිපයක් සොරාගෙන ඇති බවයි.

මෙලෙස සුපිරි වෙළඳසැල්වලට ඇතුළුවන සැකකරු එම වෙළඳසැල්වල ඇති කජු, දුම්වැටි සහ චීස් පමණක් සොරකම් කර ඇති අතර, එලෙස සොරාගත් භාණ්ඩ කොළඹට රැගෙන ගොස් විවිධ පුද්ගලයන්ට ඉතා අඩු මිල ගණන්වලට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අලෙවිකර ලැබෙන මුදල් වලින් මෙම සැකකරු දුර බැහැර ප්‍රදේශවලට ගොස් හෝටල්වල නවාතැන් ගෙන විනෝද වී ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන අයෙක් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?