සුපිරි ජයත් සමඟ ශ්‍රී ලංකාව දෙවන තැනට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව අද සහභාගී වූ පළමු තරගයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට සමත් වුණා .

ඒ, අයර්ලන්ත කණ්ඩායම කඩුලු 09කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 128ක් රැස් කළා.

එහිදී හැරී ටෙක්ටර් අයර්ලන්තය වෙනුවෙන් ලකුණු 45ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් ලකුණු 34ක් රැස් කිරිමර සමත් වුණා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිත්කරුවන් එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 15ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.

එහිදී සුපිරි ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් ලබා ගත් අතර, පන්දු 43ක් තුළ ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.

ඔහුට අනඟි සහයක් ලබාදුන් ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ලකුණු 31ක බැගින් රැස් කළා.

තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත් අතර, මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියට එක්වන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීම විශේෂත්වයක්.

එහි පළමු තැන නවසීලන්තය පසුවනවා.

1 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46