AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි කුසලාන පැසිපන්දු කාන්තා – පිරිමි ශූරතා දිනූ ලාංකික ක්‍රීඩකයින් දිවයිනට (ඡායාරූප)

මාලදිවයින පැසිපන්දු ( Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී , කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමිකර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් ද්විත්වය ඊයේ (01) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඒ මාලදිවයිනේ මාලේ නගරයේදී ඉකුත් 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවති තරගාවලිය නිමාවට පත් කරමින්.

මෙම තරගාවලියට රටවල් 04ක ප්‍රබල පැසිපන්දු කණ්ඩායම් එක් ව සිටි බවටයි වාර්තා වන්නේ.

මෙම ජයග්‍රහණ හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි පැසිපන්දු කණ්ඩායම් දෙක ඊයේ පස්වරු 05.15 ට මාලදිවයින සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 814 දරන ගුවන් යානයෙන් මෙරටට ළඟා වුණා.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති ගුවන් හමුදා කොමදෝරු අමල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

20241001 184031 scaled
20241001 184557 scaled
20241001 184442 scaled
20241001 184652 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?