සුපිරි කුසලාන පැසිපන්දු කාන්තා – පිරිමි ශූරතා දිනූ ලාංකික ක්‍රීඩකයින් දිවයිනට (ඡායාරූප)

මාලදිවයින පැසිපන්දු ( Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී , කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමිකර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් ද්විත්වය ඊයේ (01) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඒ මාලදිවයිනේ මාලේ නගරයේදී ඉකුත් 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවති තරගාවලිය නිමාවට පත් කරමින්.

මෙම තරගාවලියට රටවල් 04ක ප්‍රබල පැසිපන්දු කණ්ඩායම් එක් ව සිටි බවටයි වාර්තා වන්නේ.

මෙම ජයග්‍රහණ හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි පැසිපන්දු කණ්ඩායම් දෙක ඊයේ පස්වරු 05.15 ට මාලදිවයින සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 814 දරන ගුවන් යානයෙන් මෙරටට ළඟා වුණා.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති ගුවන් හමුදා කොමදෝරු අමල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

20241001 184031 scaled
20241001 184557 scaled
20241001 184442 scaled
20241001 184652 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32