සුප්‍රසිද්ධ රැප් ගායක ”Diddy” ට වසර 10ක සිර දඬුවම්

ගණිකා වෘත්තියේ යෙදවීමට ප්‍රවාහනය කිරීමේ චෝදනා එල්ල වූ ජනප්‍රිය සංගීත අමෙරිකානු රැප් ගායක ”Diddy” හෙවත් ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස් (Sean John Combs) නිදොස් කර නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුප්‍රසිද්ධ අමෙරිකානු ගායකයාට ලිංගික ජාවාරම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී එම නඩුව සති හතක කාලයක් තිස්සේ එරට අධිකරණයේ ජූරි සභාවක දී විභාගයට ගැනුණු බවයි.

කෙසේවෙතත් ලිංගික ජාවාරමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා දෙකකින් නිදහස් වුව ද ඩිඩී බරපතළ ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු බවට සනාථ කෙරුණා.

දින තුනක් පුරා පැය 13ක් සාකච්ඡා කිරීමෙන් පසු ජූරි සභාව, ගණිකා වෘත්තියේ යෙදීමට ප්‍රවාහනය කිරීමේ චෝදනා දෙකකට කොම්බ්ස් වැරදිකරු බව තීරණය කළ අතර, එකී සෑම වරදකට ම උපරිම වශයෙන් වසර 10ක සිර දඬුවමක් ද ඩිඩී හට නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම තීන්දුව අධිකරණය හමුවේ කියවන විට 55 හැවිරිදි වියෙහි පසුවන ඩිඩී කොම්බිස් සිනහ මුසු මුහුණින් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු තම නීතිඥයෙකු සමඟ අතට අත දී, අට දෙනෙකුගෙන් යුත් කාන්තාවන් සිව් දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ සාමාජිකයින් උසාවි කාමරයෙන් පිටව යන විට “ස්තුතියි” යැයි ද පවසා තිබෙනවා.

ඩිඩී ට එල්ල වන චෝදනා අතරට බලහත්කාරයෙන් ශ්‍රමය ලබා දීම, මත්ද්‍රව්‍ය බෙදා හැරීම, පැහැර ගැනීම, අල්ලස් ගැනීම, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ බාධා කිරීම, ගිනි තැබීම් ඇතුළත්.

සංගීත ක්ෂේත්‍රයේ බලවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වූ කොම්බ්ස් සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණු පසුබිමකදියි මෙම නියෝගය නිකුත් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?