සුප්‍රසිද්ධ රැප් ගායක ”Diddy” ට වසර 10ක සිර දඬුවම්

ගණිකා වෘත්තියේ යෙදවීමට ප්‍රවාහනය කිරීමේ චෝදනා එල්ල වූ ජනප්‍රිය සංගීත අමෙරිකානු රැප් ගායක ”Diddy” හෙවත් ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස් (Sean John Combs) නිදොස් කර නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුප්‍රසිද්ධ අමෙරිකානු ගායකයාට ලිංගික ජාවාරම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී එම නඩුව සති හතක කාලයක් තිස්සේ එරට අධිකරණයේ ජූරි සභාවක දී විභාගයට ගැනුණු බවයි.

කෙසේවෙතත් ලිංගික ජාවාරමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා දෙකකින් නිදහස් වුව ද ඩිඩී බරපතළ ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු බවට සනාථ කෙරුණා.

දින තුනක් පුරා පැය 13ක් සාකච්ඡා කිරීමෙන් පසු ජූරි සභාව, ගණිකා වෘත්තියේ යෙදීමට ප්‍රවාහනය කිරීමේ චෝදනා දෙකකට කොම්බ්ස් වැරදිකරු බව තීරණය කළ අතර, එකී සෑම වරදකට ම උපරිම වශයෙන් වසර 10ක සිර දඬුවමක් ද ඩිඩී හට නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම තීන්දුව අධිකරණය හමුවේ කියවන විට 55 හැවිරිදි වියෙහි පසුවන ඩිඩී කොම්බිස් සිනහ මුසු මුහුණින් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු තම නීතිඥයෙකු සමඟ අතට අත දී, අට දෙනෙකුගෙන් යුත් කාන්තාවන් සිව් දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ සාමාජිකයින් උසාවි කාමරයෙන් පිටව යන විට “ස්තුතියි” යැයි ද පවසා තිබෙනවා.

ඩිඩී ට එල්ල වන චෝදනා අතරට බලහත්කාරයෙන් ශ්‍රමය ලබා දීම, මත්ද්‍රව්‍ය බෙදා හැරීම, පැහැර ගැනීම, අල්ලස් ගැනීම, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ බාධා කිරීම, ගිනි තැබීම් ඇතුළත්.

සංගීත ක්ෂේත්‍රයේ බලවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වූ කොම්බ්ස් සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණු පසුබිමකදියි මෙම නියෝගය නිකුත් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36