AFC Banner
Empty Ad
Empty Ad

සුපර් ඩීසල් නිකුත් කිරීමෙන් තෙල් සංස්ථාවට කෝටි 16ක පාඩුවක්

ඔටෝ ඩීසල් ඉල්ලුම පියවා ගැනීම සඳහා සුපර් ඩීසල් වෙළෙඳ පොළට නිකුත් කිරීමට උපදෙස් ලැබී ඇතැයි ද, එලෙස සුපර් ඩීසල් මුදාහැරීමෙන් සංස්ථාවට රුපියල් කෝටි 16 කට අධික පාඩුවක් සිදුවන බව සංස්ථාවේ අලෙවි කාර්යාංශය පවසයි.ඉතිහාසයේ කවර කලකවත් සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 30,000 ක නෞකා එකදිගට ගෙන එන්නේ නැතැයි ද, මේ වනවිට එම සුපර් ඩීසල් තොග ගබඩා කිරීමේ ගැටලුවක් පැන නැගී ඇතැයි ද එහි නිලධාරීහු පවසති.

ඔටෝ ඩීසල් මිලට සුපර් ඩීසල් විකිණීමෙන් එක් ලීටරයකින් සංස්ථාවට රුපියල් 45ක පාඩුවක් අත්ව ඇති බව වාර්තා වනවා.සුපර් ඩීසල් ලීටර මිලියන 36ක් සාමාන්‍ය ඩීසල් (ඔටෝ ඩීසල්) ලෙස අලෙවි කිරීමෙන් සංස්ථාවට රුපියල් දහසය කෝටි විසිලක්ෂයකට අධික පාඩුවක් සිදුවන බව ද ඔවුහු පවසති. මේ වන විට රට තුළ යළිත් ඉන්ධන හිඟයක් මතුව තිබුණත් ඉදිරි දින දෙකෙන් පසුව තත්ත්වය මග හැරෙනු ඇතැයි ඇමැති කංචන විජේසේකර මහතා කියා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?