සුනිල් පෙරේරා මහතා මිය යාමට සතියකට පෙර සිදුකළ ස්තුති කථාව (VIDEO)

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී දින 25 කට ආසන්න කාලයක් රෝහල් ගතව සිට නැවතත් නිවසට පැමිණීමෙන් පසු තමන්ට සහ බිරිඳට උපකාර කළ පිරිස් වෙත සුනිල් පෙරේරා මහතා විසින් ස්තුතිය පුද කරනු අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා..

” මේ වෙලාවේ මම ස්තුතියි කරන්න ඕන නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු රෝහලේ සියලුම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයට. ඒ අය ගේ උපකාරය නිසයි මටත් මගේ බිරිඳටත් දින 25 කට පසුව මේ වගේ කොවිඩ් වෛරසයෙන් බේරිලා නැවත නිවසට එන්න පුළුවන් උනේ.

අපි වෙනුවෙන් සුවය පැතු සියලුම හිතවතුන්ට, රසික රසිකාවියන්ට මේ වෙලාවේ මම ස්තුතියි කරනවා.”

රෝහලෙන් පිටව දින කිහිපයකට පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද දිනයේදී සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුවා.

https://youtu.be/Ddx5Y6X07Oo

– Newswire

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?