සුදේව-කිංස්ලි රජයේ මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි..

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරුන් විසින් රජයේ මාධ්‍ය ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා තිබිණි.

එහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ රජය බලාපොරොත්තු වන තරමේ ප‍්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් සිදුනොවන බවත් රජයේ කටයුතු ගැන උපරිම ප‍්‍රචාරයක් බලාපොරොත්තු වන බවත්ය.

එම තත්වය ඇති කර ගැනීම සදහා රජයේ මාධ්‍ය ආයතන වැඩි අවධානද දී කටයුතු කළ යුතු බව එහිදී පෙන්වා දී ඇත.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇතුළු වූ රජයේ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් එම හමුව සඳහා කැඳවා තිබිණි.

ඔවුන් දෙදෙනාගේ අදහස් දැක්වීමෙන් පසු මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනෙකුම ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ අදහස් දැක්වීමට යම් ප්‍රතිරෝධයක් දක්වමින් අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.

රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියෙකු එහිදී පෙන්වා දී ඇත්තේ තමන් ඇතුළු පිරිස පසුගිය වසර ගණනාවක් තිස්සේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා උපරිම කැපවීම කල බවත් ඒ නිසාම හිර ගෙවල්වල පවා ගිය බවත්ය.

විශේෂයෙන්ම එහිදී කිංස්ලි රත්නායක මහතාට පවසා ඇත්තේ ඔබ මහරාජා ආයතනයේ සේවය කරමින් සිටියදී අප මේ ආණ්ඩුව ගෙන ඒම සඳහා සිර ගෙවල්වල පවා සිටි බවය.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ මෙම ප‍්‍රතිචාර වලින් පසු කිංස්ලි රත්නායක මහතා එම ස්තානයෙන් පිටව ගොස් ඇතැයිද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20
Video thumbnail
හදිසියේම දෙහිවල පොලිසිය කළ විශේෂ මෙහෙයුම.. ගිනි අවියක් සොයාගයි
02:14
Video thumbnail
ගල් බෝතලයක් නිසා පාර්ලිමේන්තුව රත්වෙයි..ප්‍රශ්නේ තමයි මේ අහන්නේ..මොන නාඩගමක්ද?
04:26


?