සුජීවගේ V8 නඩුව ගැන කරුණු දැක්වීමට නීතිපතිට හා CID යේ OIC ට නොතීසි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ ගොනු කරන ලද ප්‍රතිශෝධන අයදුම්පතක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නීතිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරයා අද (28) එසේ නොතීසි නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

තමා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි .රංගා මහතාගෙන් ලබා ගත් V8 වර්ගයේ වාහනයේ පැවරුම් සහතිකයේ අත්සන සැක සහිත බවට නිගමනය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අඩංගුවට ගැනීමට උත්සාහ දරන බවට පෙන්වා දෙමින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරමින් තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ප්‍රතිශෝධන අඅයදුම්පත ඉදිරිපත් කර තිබුණා.

මෙම V8 වාහනය කොටස් එකලස් කරන අද වාහනයක් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයාව අත්අඩංගුවට ගෙන මෙම පෙර තම සේවාදායකයාට එරෙහිව නඩු පවරා තිබූ බවත් එම වාහනේ කොටස් එකලස් කරන ලද වාහනයක් නොවන බවට රස පරීක්ෂක වාර්තා අනුව අනාවරණය වූ බැවින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවෙන් තම සේවාදායකයාව මුදාහැරීමට නියෝග කර ඇති බවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවෙහෙට්ටි මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එසේ තිබියදීත් එම වාහනය අලෙවි කළ ජේ.සි රංගා මහතාගේ අත්සන සැකසහිත බවට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත විමර්ශනයන් ආරම්භ කර ඇති බවත් පැවරුම් පත්‍රයේ අත්සන විකුණුම්කරුගේ අත්සන බවට අත්අකුරු පරීක්ෂකවරයා විසින් තහවුරු කර තිබියදී නැවත තම සේවාදායකයා දේශපාලන පළිගැනීමක් මත අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරු එසේ නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

නඩුව යළි ජුනි 16 කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10