සුඛෝපභෝගී බස් රථයක් සහල් ලොරියක ගැටෙයි

ගලේවෙල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ දී අද අලුයම පුර්ණ සුඛෝපභෝගී බස් රථයක් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මාර්ගය අසල නවතා තිබූ හල් ප්‍රවාහනයය කරන ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි රියැදුරු රිය සහයකවරයා ඇතුළු හය දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය සඳහන් කර සිටිනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ මගීින් ප්‍රවාහනය කරන ලද අධි සුඛෝපබෝගී බස් රථයක් සහ කොළඹ සිට මඩකලපුව ප්‍රදේශයට විදේශ රට වලින් ගෙන්වූ සහල් රැගෙන යන කන්ටේනර් පෙට්ටියක් සහිත ලොරි රථයක් බවයි ගලේවෙල පොලිසිය සඳහන් කළේ.

ලොරි රථයේ රියැදුරු කියා සිටියේ අලුයම තුනට පමණ තමන් තලකිරියාගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට රථය නවතාගෙන පෝලිමේ සිටි බවයි.

පෝලිමේ තමන් අවසානයට සිටි බවත් ඉදිරියට ගැනීමට සූදානම් වෙද්දීම පිටුපසින් විශාල ශබ්දයක් ඇසීමත් සමග තමන්ගේ රථය ඉදිරියට විසිරී ගිය බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

බස් රථය වේගයෙන් පැමිණ නවතා තිබූ මෙම ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි ද තුවාල ලබා සිටින බස්රථ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුව විය හැකි බව පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය සඳහන් කර සිටියි.

No description available.
No description available.
No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුකඩු රෝග සෑදීමේ නව ප්‍රවණතාවයක් - රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මෙන්න
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32