සී.අයි.ඩීයෙන් ඇල්ලූ සබරේ සිසුන් හතරදෙනා අද උසාවියට

සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් හට නවක වදය ලබාදීමේ සිද්ධියට අදාළව සැකපිට සිසුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) අදාළ සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙක්.

සැකකාර සිසුන් සිව්දෙනා අද (05) දිනයේ බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවක වද පනත යටතේයි අදාළ සිසුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?