සී.අයි.ඩීයෙන් අත්අඩංගුවට ගැනුණු ඩග්ලස් දේවානන්දා අද උසාවියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 වර්ෂයේ දී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයා ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගෙන ඇති අතර, අදාළ ගිනි අවිය නීත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයාට ලබාදී තිබූ එකක් බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?