සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හට නවක වදය ලබාදීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම සිසුන් සිව්දෙනා මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, අදාළ සිසුන් සිව්දෙනා අද (05) දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සිසුන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (04) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම සිසුන් සිව්දෙනෙක්.
එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබුණා.
මානසික පීඩනය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට එම සිසුවා ලිපියක් ලියා තිබුණ ද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවදය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.













