සීයයි අයියයි මාරුවෙන් මාරුවට අවුරුදු හතේ දැරියට හදිකරලා

වයස අවුරුදු 07ක දැරිවියකට ලිංගික අතවර කළ බව කියන දැරියගේ ඥාතීන් දෙදෙනෙක් ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 77ක සහ අවුරුදු 19ක පුද්ගලයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් දෙදෙනා ආණමඩුව, ආඩිගම, පරප්පන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් දැරියගේ මවගේ පියා වන අතර, අනෙක් සැකකරු දැරියගේ මවගේ සහෝදරියගේ දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

බාල වයස්කාර දැරියකට ඇයගේ මව්පියන් නිවසේ නොමැති අවස්ථාවේ දී ලිංගික අතවර කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මිවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

තමන්ව වයස අවුරුදු 05ක පමණ කාලයේ සිට සැකකරුවන් දෙදෙනා වරින්වර අතවර කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
13
+1
0
+1
4
+1
16
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !