සීනි බදු වංචාව බැඳුම්කර මගඩියට වඩා ලොකුයි

රජයට ලැබිය යුතු බිලියන 16 ක් විල්මා සමාගම ඇතුළු විශේෂ අයට ගියා

සීනි ආනයන බදු ඉවත් කිරීම ඔස්සේ රුපියල් බිලියන 16 ක වංචාවක් කිරීම බැඳුම්කර වංචාවට වඩා විශාල බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන පැවැසීය. එමනිසා බැඳුම්කර වංචාව පිළිබඳ කළ විමර්ශනයට සමාන විමර්ශනයක් සීනි බදු වංචාව පිළිබඳව කළයුතු බව මන්ත්‍රීවරයා පැවැසීය. මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (9දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

‘‘මේ ආණ්ඩුව තමන්ට විරුද්ධව කතා කරන අය මර්දනය කරමින් යනවා. ඒ දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමක් හරහා. ඒක විමර්ශන කොමිසමක් නෙමෙයි. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පළිගැනීම් කොමිසමක්. මේ ආණ්ඩුවට කොමිසම්, ගැසට් නැතුව බැහැ. කොමිසම් පිට කොමිසම්, ගැසට් පිට ගැසට්. අත්‍යවශ්‍ය භාණ්ඩ උපරිම මිලට ගැසට් එකක් ගැහුවම ඒකට උඩින් තව ගැසට් එකක් ගහනවා. කොමිසමක් පත්කිරීම කියන්නේ කල්මැරීමක්. පාස්කු ප්‍රහාරයට සති දෙකෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා මුළා කළා. කොමිසමකින් දුන්න වාර්තාව අධ්‍යයනයට තවත් කොමිසමක් පත්කරලා කරන්නේ කල්මැරීමක්.

අද පුවත්පත්වල විශේෂ පුවතක් තියෙනවා. එය තමයි සීනි ගෙන්වීමේදී කෝටි එක්දහස් හයසීයක වංචාවක් කිරීම පිළිබඳව. එය මිලියන දහසය දාහක්. ඒක පොඩි මුදලක් නෙමෙයි. බිලියන දාසයක වංචාවක්. පසුගිය කාලයේ සිදුවූ බැඳුම්කර වංචාව බිලියන දොළහයි. ආණ්ඩුව පත්වෙලා මාස තුනයි ගියේ. එක ආනයනයකින් විතරක් අපේ රටට ආදායම අහිමි කළා. මේ කෝටි එක්දාස් හයසීයට සම්බන්ධ කවුද? කවුද මේක කළේ? ෂැංග්‍රිලා අයිති විල්මා ආයතනය තමයි ඒකට වගකියන්න ඕනේ. ඒක අයිති චීනයට. චීන බදු ශත විසිපහට අඩු කරලා තමන්ගේ ගජමිතුරන්ට කිව්වා රටට නොදැනෙන්න සීනි ගෙන්වන්න කියලා. රටේ අවශ්‍යතාවටත් වඩා ගජමිතුරන් ගෙන්නුව. පසුව බද්ද තිබුණු මුදලට දැම්මා. එහිදී වෙළෙඳ පොළේ මිල අඩුවීමක් වුණේ නැහැ. මෙහිදී රජයට ලැබීමට තිබුණු බිලියන දාසයක් විල්මා සමාගම ඇතුළු එයට සම්බන්ධ විශේෂ අයට ගියා. කවුද මෙය පිටුපස සිටින්නේ? එයට වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේ මුදල් කවුරුන් සමගද බෙදා ගත්තේ? බැඳුම්කරේ බිලියන දොළහට ප්‍රශ්න කරපු විදිහ අපි දුටුවා. ඒ වගේම මේ පිළිබඳවත් කටයුතු කළ යුතුයි. මෙය අපි කියන දෙයක් නෙමෙයි. කෝප් කමිටු සභාපති කියන්නේ. මේවා ගැන කතා කළාම අපෙන් පළිගන්නවා.

අද කොවිඩ් නිසා මිනිස්සු පීඩා විඳිනවා. ඔවුන්ට එන්නත ගන්න මුදල් නැහැ. ඉන්දියාව නොමිලේ ලබාදුන්නු එන්නත තමයි තවම පාවිච්චි කරන්නේ. අපේ රටට එන්නත් ගෙන්වන්න වියදම බිලියන දහයක් අවශ්‍යයි කිව්වා. මේ සීනි වංචාවේ මුදල් ටික තිබුණා නම් අහිංසක මිනිස්සුන්ට එන්නත ලබාදෙන්න තිබුණා. අද ජනතාවට නිවසක්, වැසිකිළියක් හදාගන්න බැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්.’’

– නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48