සීනි පාලන මිල ඉවතට යද්දී සහල්, සිමෙන්ති ගැනත් තීන්දුවක් ගනී

සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටත්, සීනි පාලන මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය ඊයේ (02) තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මස අවසානය දක්වා සහල් ආනයනය කිරීමට අවසර හිමි වෙනවා.

මුදල් අමැති බැසිල් රාජපක්ෂ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.

දෙසැම්බර් මස 31 වැනිදා දක්වා විදේශීය රටවලින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීමට මුදල් ඇමැතිවරයා අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් සීයකට ලබා දිය හැකි බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියා. 

වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් දෙසීය නිදහස් කිරීමෙන් පසු සීනි මිල තවත් අඩු විය හැකි බවද ආනයනකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

 ඩොලර් හිඟය හේතුවෙන් සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 976ක් වරායේ සිර වී ඇති බව ආනයනකරුවන් මෙහි දී පෙන්වා දී ඇති තිබෙනවා.

එම කන්ටේනර් නිදහස් කිරීමට ඇමරිකා ඩොලර් මිලියන දහසයක් අවශ්‍ය බව ආනයනකරුවන් පවසනවා.

එම මුදල් කඩිනමින් වාණිජ බැංකු වෙත නිදහස් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එකඟ වූ බව ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

මේ අතර සිමෙන්ති හිඟය මග හැරවීම සඳහා සමාගම් තුනකට සිමෙන්ති මෙට්‍රික් ටොන් තිස්දහසක් ඇසුරම් කර ආනයනය කිරීමටද මෙහි දී අවසර ලබා දී තිබෙනවා.

මෙම සමාගම් තුන මෙතෙක් සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර ඇසුරුම් කර තිබෙනවා.

මේ වනවිට වෙළෙඳපොලේ සහල් සහ සීනි හිඟයක පවතින අතර ඒවායේ මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව, මේවන විට පිටකොටුව සහල් තොග වෙළෙඳපොලේ නාඩු කිලෝවක් රුපියල් 130කටත්, සම්බා කිලෝවක් රුපියල් 150කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220කටත් වැනි ඉහළ මිලකට අලෙවි වන බව වාර්තා වෙනවා.

වෙළෙඳපොලේ සිනි මිලද අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් ද පනවා ඇති පසුබිමකයි. කෙසේ වෙතත් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සීනි පාලන මිල ඉවත් කෙරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40