AFC Banner
Empty Ad
Empty Ad

සීනිගම දේවාලයේ පෙරහැරට ගාලු – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා කෙරේ

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර අද (31) සිට ලබන මස 03 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර එම දේවාලය ආසන්නව ගාල්ල – කොළඹ මාර්ගයේ, වීථි සංචාරය කෙරෙන අතර, පෙරහැර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ අනුව අද (31) දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වාත්, හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වාත් එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

එමෙන්ම ලබන 02 වනදා පස්වරු 06.00 සිට 03 වනදා අලුයම 04.00 දක්වාත්, 03 වනදා පස්වරු 06.00 සිට 04 වනදා අලුයම 04.00 දක්වාත් එම මාර්ගයේ වාහන ධාවනය සීමාකරන බවයි පොලිසිය පැවසුවේ.

එම කාල සීමා තුළ ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙන වාහන එක් මංතීරුවක ගමන් කරවීමටත් කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන වාහන (බර වාහන හැර ) විකල්ප මාර්ගයක් ලෙස මීටියාගොඩ පොලිස් වසමේ කහව හංදියෙන් හරවා මීටියාගොඩ, කිරලගහවෙල හංදියෙන් වමට හරවා අලුත්වල, පරණ හංදිය හරහා කුමාරකන්ද හංදිය ඔස්සේ ගාලු පාරට ගමන් කරවීමට කටයුතු යොදා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?