සීනිගම දේවාලයේ පෙරහැරට ගාලු – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා කෙරේ

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර අද (31) සිට ලබන මස 03 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර එම දේවාලය ආසන්නව ගාල්ල – කොළඹ මාර්ගයේ, වීථි සංචාරය කෙරෙන අතර, පෙරහැර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ අනුව අද (31) දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වාත්, හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වාත් එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

එමෙන්ම ලබන 02 වනදා පස්වරු 06.00 සිට 03 වනදා අලුයම 04.00 දක්වාත්, 03 වනදා පස්වරු 06.00 සිට 04 වනදා අලුයම 04.00 දක්වාත් එම මාර්ගයේ වාහන ධාවනය සීමාකරන බවයි පොලිසිය පැවසුවේ.

එම කාල සීමා තුළ ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙන වාහන එක් මංතීරුවක ගමන් කරවීමටත් කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන වාහන (බර වාහන හැර ) විකල්ප මාර්ගයක් ලෙස මීටියාගොඩ පොලිස් වසමේ කහව හංදියෙන් හරවා මීටියාගොඩ, කිරලගහවෙල හංදියෙන් වමට හරවා අලුත්වල, පරණ හංදිය හරහා කුමාරකන්ද හංදිය ඔස්සේ ගාලු පාරට ගමන් කරවීමට කටයුතු යොදා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11