සීදූවේ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් මරුට

පසුගිය 28 වනදා සීදූව, වෙළබඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එදින සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ අතර, ඉන් 53 හැවිරිදි වියේ පසු වූ පුතෙක් එදිනම ජීවිතක්ෂයට පත් වුණා.

අද (06) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ පියා බවයි වාර්තා වන්නේ.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

මෙම වෙඩිතැබීම විදේශයක සිට මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇති අතර, අදාළ පාර්ශ්වය වෙඩික්කරුවන්ට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ එම පවුලේ ව්‍යාපාරික පුත්‍රයා වෙඩිතබා ඝාතනය කරන ලෙසටයි.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය කටුනායක, කොවින්න ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී වෙඩි තැබීම සිදු වූ දිනයේදීම සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53