AFC Banner
AFC Banner
Empty Ad

සීදූවේ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් මරුට

පසුගිය 28 වනදා සීදූව, වෙළබඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එදින සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ අතර, ඉන් 53 හැවිරිදි වියේ පසු වූ පුතෙක් එදිනම ජීවිතක්ෂයට පත් වුණා.

අද (06) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ පියා බවයි වාර්තා වන්නේ.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

මෙම වෙඩිතැබීම විදේශයක සිට මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇති අතර, අදාළ පාර්ශ්වය වෙඩික්කරුවන්ට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ එම පවුලේ ව්‍යාපාරික පුත්‍රයා වෙඩිතබා ඝාතනය කරන ලෙසටයි.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය කටුනායක, කොවින්න ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී වෙඩි තැබීම සිදු වූ දිනයේදීම සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?