සීගිරිය පෞද්ගලිකකරණය කළ යුතුයි – වනවාසී රාහුල හිමි (වීඩියෝ)

මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කරන පූජනීය ස්ථාන හැර, සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකකරණය කළ යුතු බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා.

අද (24) පෙරවරුවේ නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

“සීගිරියට යන සුද්ධන්ට හරියට වැසිකිලි පහසුකමක්වත් නෑ, කෝටි ගණනින් ටිකට් කඩනවා, ඇත්ත කතාව ඒක, වාහනයක් නවත්වන්න තැනක් නෑ, රට වටේම සුද්දන්ගේ ඉහමොළ හූරාගෙන කන තත්ත්වයක් තියෙන්නේ, සුද්දෝ ඒන්නේ හෝටල්වල ගිහින් සැප විඳලා ෆන් අරන් යන්න නෙමෙයි. ඇත්ත කතාව මේ රටේ තියෙන පාරිසරික, ‌ඓතිහාසික භූවිද්‍යාත්මක තැන් බලන්න එන්නේ, ඒ මිනිස්සුන්ට ආකර්ෂණයක් වෙන විදිහට සංචාරක අමාත්‍යංශයට, සංචාරක මණ්ඩලයට වගකීමක් තියෙනවා ඒ අවශ්‍ය කරන දේ කරන්න, සුද්දා ගෙනාපු මුදල් හොරකම් කරනවා නෙමෙයි නිසි විදිහට පහසුකම් සලසලා, ඒ මිනිස්සුන්ගේ හිත සංතෝෂ කරලා අරින්න ක්‍රමවේදයන් හදන්න ඕන කළමණාකරණය කරන්න ඕන, එහෙම එකක් අපේ රටේ නෑ, මේවා හැම තැනකින්ම වෙනස් විය යුතුයි. මේ රට ගොඩනගන්න නම් නාස්තිය, දූෂණය, වංචාව අවම කරන්න අවශ්‍යයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?