සීගිරියට නව මාවතක්

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් නව මාර්ගයක් ඉදි කිරීමට පියවර ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසනවා.

උගුල් ගල හරහා සිංහ පාද මළුවේ උතුරු දෙස දක්වා නව මාවතක් හා සිංහ පාදයේ ආරම්භයේ සිට සීගිරි ගලේ මැද දක්වා ද්විත්ව මාර්ගයක් ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අපේ උරුමයයි අපේ කතාබහයි මැයෙන් සීගිරියේ ඉදිරි සැලසුම් හෙළි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

අක්කර 12500ක් වූ සීගිරිය වපසරිය තුළ සිදු කර ඇති නව සොයාගැනීම් සමග සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් සකසා ඇති ප්‍රධාන සංවර්ධන සැලසුම හෙළිකරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළා.

මහාචාර්යවරයා සඳහන් කරන්නේ පවතින අධික මහජන තදබදය අවම කිරීම හා ආරක්ෂාව වෙනුවෙන් මෙම නව මාවත සකසන බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල ,සීමාසහිත ජනමාධ්‍යවේදීන්ගේ සමුපකාර සමිතිය, සාක් කලාපීය පුරාවිද්‍යා උරුම රැක ගැනීමේ මාධ්‍ය සංසදයේ ශ්‍රී ලංකා මාධ්‍යවේදියෝ හා සමාජ ඇස එක්ව මාධ්‍යවේදීන් 35 දෙනෙකු සඳහා මෙය සංවිධානය කර තිබුණා.

මාධ්‍යවේදීන් වෙනුවෙන් දින දෙකක් පුරා ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් සිදුකළ මෙම හෙළි කිරීම් සඳහා විදුර වික්‍රමනායක විෂයභාර අමාත්‍යවරයා ද සහභාගි වී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය, කෞතුකාගාරය, ඉබ්බංකටුව ඉපැරැණි සුසාන භූමි සංකීර්ණය, සීගිරි පව්ව, කැටපත් පවුර, සිංහපාදය, බිතුසිතුවම්, පහන්ගල, අලිගල, පැරණි ආරක්ෂක කුටි, හිරු පායන ආකාරය, සංචාරක හෝටල් ආදී අංග රාශියක් මෙම සංචාරක ආකර්ෂණ සැලැස්මට ඇතුළත් කර තිබෙනවා.

“සිංහ පාද මළුව වෙත උතුරු දෙසින් ඇතුළු වීම සඳහා දැවයෙන් සැදූ මාර්ගයක් අතීතයේ තිබූ බව කැණීම් වලින් සොයාගෙන තිබෙනවා. නමුත් එය පසු කාලයේදී කැළයෙන් වැසී යාම නිසා මෙතෙක් භාවිතා කර තිබෙන්නේ සිංහපාද පඩි පෙළ මාර්ගයයි. මාර්ගයේ උතුරු දොරටුවෙන් ඇතුළු වූ පසු සිංහ පාද මළුව දක්වා යකඩයෙන් මෙම මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම සිංහ පාද මළුව ප්‍රතිසංස්කරණය කර නරඹන්නන්ගේ විවේක ස්ථානයක් ලෙස සකස් කරනවා. ගල මුදුනට නැගීම සඳහා සිංහපාදය සිට ඇත්තේ තනි පටු මාර්ගයක්.එය ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කිරීමටත් සැලසුම් කර තිබෙනවා. එසේම නරඹන්නන් ජල බෝතල් ගෙන ඒම නිසා මේ පරිසරය තුළ ලක්ෂ ගණනින් ප්ලාස්ටික් බෝතල් එක් වීම වැළැක්වීමේ අරමුණින් සිංහ පාද මළුව තුළ පානීය ජල ව්‍යාපෘතියක් ඇරඹීමටත් සැලසුම් කර තිබෙනවා. එසේම අනෙකුත් යටිතල පහසුකම් ද දැනටමත් මෙහි ඉදිකර අවසන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34