AFC Banner
AFC Banner
Empty Ad

සිසුවෙක් පැදවූ ත්‍රිරෝද රථයක් පෙරළී දරුණු අනතුරක් – සිසුන් 04ක් බරපතළ තත්ත්වයෙන් රෝහලේ (ඡායාරූප)

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එය පැදවූ සිසුවා සහ තවත් සිසුන් තිදෙනෙක් බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසළ ඊයේ (18) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන, කඩවල දෙමළ මහා විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක්.

පාසලේ පැවති උත්සවයකින් අනතුරුව එම සිසුන් සිව්දෙනා ත්‍රිරෝද රථයෙන් යළි නිවෙස් වෙත ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයකට අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් බස් රථයක් පැමිණීමත් සමඟ ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ගොස් අනතුර සිදුව තිබෙනවා.

ඒ, සමඟ එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගයට වැටී ඇති අතර, මාර්ගයේ වැටි සිටි සිසුන් තිදෙනාව බේරීම සඳහා බස් රථයේ රියදුරු රථය මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ අසළ තිබූ ගොඩනැඟිල්ලක තාප්පයක් සහ ගේට්ටුවක ගැටී බස් රථය නතර වී තිබෙනවා.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නැහැ.

ත්‍රිරෝද රථය පැදවූ පාසල් සිසුවාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 2
ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 1
ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 3
ගිනිගත්හේන ත් රිරෝධ බස් රථ අනතුර 19 11 4
2 2
4 1
1 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වී මිල නිසා ගොවියන්ගේ රතු කට්ට පනී
03:38
Video thumbnail
නිදහස් උත්සවයේ සිංහ රුව අයින් කළේ කාගෙන් අහලද? #indipendenceday #npp #jvp
03:25
Video thumbnail
හොරා හොරා - හොරාට හූ කියන්න එපැයි
12:59
Video thumbnail
ලියුම ආවම අපි නිවසෙන් යන්න සූදානම් - නාමල් ආණ්ඩුව හාන්සි වෙන්නම දෙසයි #namal_rajapaksha
05:42
Video thumbnail
ගොවියන්ට සුබ පණිවුඩයක් - වී වලට නියම මිලක්
05:23
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49

?