කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක් ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ආයතන හිමිකරුවා ඊයේ (22) දිනයේ දී කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු විසින් අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ සිසුවියන් දසදෙනෙකුට ලිංගික අතවර සිදුකර පහර දී තුවාල සිදුකර ඇති බවටයි පැමිණිලි ඉදිරිපත් වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 48 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර මෙම සැකකරු විසින් මේ ආකාරයෙන් තවත් සිසුවියන් ලිංගික අතවරයට ලක්ව ඇත්දැයි තවදුරටත් විමර්ශන පවත්වන බවයි කුරුණෑගල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ගනුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
සැකකරු පවතවාගෙන ගිය මෙම ආයතනය දිවයිනේ විවිධ ප්‍රදේශවල දැරියන් 28 දෙනෙකු සදහා නේවාසිකව අධ්‍යාපනය ලබා දී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.