සිසුවියන් 10ක් කෙලෙසූ කුරුණෑගල ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරු පොලිස් දැලේ

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක් ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ආයතන හිමිකරුවා ඊයේ (22) දිනයේ දී කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ සිසුවියන් දසදෙනෙකුට ලිංගික අතවර සිදුකර පහර දී තුවාල සිදුකර ඇති බවටයි පැමිණිලි ඉදිරිපත් වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 48 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම සැකකරු විසින් මේ ආකාරයෙන් තවත් සිසුවියන් ලිංගික අතවරයට ලක්ව ඇත්දැයි තවදුරටත් විමර්ශන පවත්වන බවයි කුරුණෑගල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ගනුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සැකකරු පවතවාගෙන ගිය මෙම ආයතනය දිවයිනේ විවිධ ප්‍රදේශවල දැරියන් 28 දෙනෙකු සදහා නේවාසිකව අධ්‍යාපනය ලබා දී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29