කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා ලබන ජුනි මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.
පසුගිය 15 වනදා සැකකරු කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබූ අතර කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙසටත් නීතිය දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් නිහඬ විරෝධතාවක ද නිරත වුණා.
කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි 30 හැවිරිදි අයෙකුටයි මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ.















