සිසුවියන්ට නිරුවත පෙන් වූ අයෙක් වැලිගම නගරයේ දී අල්ලලා

උපකාරක පන්තියකට සහභාගිවීමට යමින් සිටි සිසුවියන් පිරිසකට වැලිගම නගරයේ දී නිරුවත පෙන් වූ පුද්ගලයෙකු අද (27) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම පුද්ගලයාගේ එම නොහොඹිනා ක්‍රියාව හේතුවෙන් බියට පත් වූ සිසුවියන් දිවයන අවස්ථාවේ අසළ සිටි පොලිස් නිලධාරියෙක් ඒ පිළිබඳව විමසා තිබෙනවා.

එහිදී සිදු වූ සිදුවීම සිසුවියන් විසින් පොලිස් නිලධාරියාට පවසා ඇති අතර, අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනයාමට කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
0
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?