සිසුවියකගේ ඡායාරූප නිරුවත් කොට ගුරුවරියකට වට්සැප් කරලා

පාසලක උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප වලට යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යැවූ තරුණයෙකු දඹුල්ල පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වයස අවුරුදු 20 ක දඹුල්ල ප්‍රදේශයේ පාසලක උසස් අධ්‍යාපනය හදාරණ සිසුවියක ඉදිරිපත් කල පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

සිසුවියගේ මිතුරිය තරුණයකු සමඟ සබඳකමක් පවත්වා ඇති බවත් පසුව එම තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමත් සමග ඇය ඔහුගේ දුරකථන අංකය විසන්දි කර දමා තිබුණු බවත් ඇය සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත.

පසුව පැමිණිලිකාර සිසුවියට අදාල තරුණයා ඇමතුම් කිහිපයක් ලබාගෙන අවස්ථා කිහිපයකදීම තම මිතුරිය සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ මුහුණු පොතේ ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට සම්බන්ධ කොට  මුහුණු පොතට දමන බවට තර්ජනය කළේ යැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප වලට බද්ධකොට ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට වට්සැප් මාර්ගයෙන් එවා ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කොට තිබිණි.

දඹුල්ල පොලීසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?