සිසුවියකගේ ඡායාරූප නිරුවත් කොට ගුරුවරියකට වට්සැප් කරලා

පාසලක උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප වලට යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යැවූ තරුණයෙකු දඹුල්ල පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වයස අවුරුදු 20 ක දඹුල්ල ප්‍රදේශයේ පාසලක උසස් අධ්‍යාපනය හදාරණ සිසුවියක ඉදිරිපත් කල පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

සිසුවියගේ මිතුරිය තරුණයකු සමඟ සබඳකමක් පවත්වා ඇති බවත් පසුව එම තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමත් සමග ඇය ඔහුගේ දුරකථන අංකය විසන්දි කර දමා තිබුණු බවත් ඇය සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත.

පසුව පැමිණිලිකාර සිසුවියට අදාල තරුණයා ඇමතුම් කිහිපයක් ලබාගෙන අවස්ථා කිහිපයකදීම තම මිතුරිය සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ මුහුණු පොතේ ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට සම්බන්ධ කොට  මුහුණු පොතට දමන බවට තර්ජනය කළේ යැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප වලට බද්ධකොට ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට වට්සැප් මාර්ගයෙන් එවා ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කොට තිබිණි.

දඹුල්ල පොලීසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38