සිසුන්ගේ හොර කල්ලියක් – වෙළඳසැල් කඩන තිදෙනෙක් හසුවුණ හැටි

අඟුරුවාතොට හොරණ සහ ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශවල වෙළඳසැල් 4ක් කඩා රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා භාණ්ඩ සොරා ගත් හොරණ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවු. 16 පසුවන අතර මෙම සැකකරුවන් මවුපියන්ට හොර රහසේ රාත්‍රී කාලයේ මෙම වසරේ මුල සිට වරින් වරට මෙලෙස සොරකමේ නිරතව ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

සැකකරුවන් සොරකමේ යෙදීමට භාවිතා කළ යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් සොරකම් කරන ලද භාණ්ඩ වැඩිමිලට විකුණා නොයෙක් විනෝද කටයුතුවල යෙදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙය පිළිබඳ පුවත අද (17) ජාතික පුවත්පත් හරහාද අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?