සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී සිවිල් සමාජීය ක්‍රියාකාරීන්ට උද්ගත වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගියදා පවත්වා ඇත්තේ මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමගයි.

මීට අමතර ව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පසුබිම ආරක්ෂා කරගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමටත් ඒවා ඉටු කිරීමටත් අවධානය යොමු කරමින්, ඒ සඳහා කොමිෂන් සභාව විසින් ගනු ලැබිය යුතු පියවර සම්බන්ධයෙන් ද සිවිල් සංවිධාන නියෝජිතයින්ගෙන් අදහස් සහ යෝජනා විමසා තිබෙනවා.

ප්‍රවාහන අංශයේ ආබාධ සහිත පුද්ගලයන් මුහුණදෙන අයිතිවාසිකම් සහ අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු බවයි මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කළේ.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ කොමසාරිස්වරුන් වන මහාචාර්ය තයියමුතු තනරාජ්, මහාචාර්ය ෆර්සානා හනිෆා ඇතුළු පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15