කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා (19) පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයේ දී ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය සඳහන් කරන්නේ, මෙම සිදුවීම පිළිබඳව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ඒ, සඳහා සුදුසුකම් ලත් ක්‍රීඩා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කර සාධාරණ, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ පිහිනුම් ක්‍රීඩිකාව සහ ස්කොෂ් ක්‍රීඩිකාව පාසලට ගෞරවයක් ගෙන දුන් දක්ෂ සිසුවියන් බවයි ආදි ශිෂ්‍යා සංගමය පවසන්නේ.
පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේ දී සිසුවියක් වේදිකාවට පැමිණ කියා සිටියේ, තමන් ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලබා තිබියදීත්, පෙර පුහුණුවීම්වලට සහභාගී නොවීම කියන හේතුව මත තමන්ට හිමි විය යුතු සම්මානය අසාධාරණ ලෙස අහිමි කර ඇති බවයි.
මේ අතර අදාළ සිදුවීම පිළිබඳව විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළා.





