සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා.
ඒ ඉකුත් 12 වනදාට යෙදුණු සිරකරු දිනයට සමගාමීවයි.
මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ දින නිදහස හිමිව ඇත්තේ සුළු වැරදී සඳහා බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් 89 දෙනෙකුට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. නිදහස හිමි වු සිරකරුවන් අතරට මහර බන්ධනාගාරයේ සිරකරුවන් 10 දෙනෙකු, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 07 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු ද අයත්.
ජනාධිපති සමාව හිමි වු සිරකරුවන් ඡක්‍ඍ පරීක්ෂණ සඳහා ඊයේ යොමු කෙරුණු අතර එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වු සිරකරුවන් පමණක් බන්ධනාගාරවලින් නිදහස් කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. ඒ අනුව ඊයේ එම වාර්තා ලැබුණු සිරකරුවන් පිරිසක් බන්ධනාගාර වලින් මුදා හැර තිබෙනවා.
අනෙක් සිරකරුවන්ගේ වාර්තා අද දිනයේ ලැබීමට නියමිත බව හා ඒවා පරීක්ෂා කර අනෙකුත් සිරකරුවන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
කෙසේවෙතත් සිරදඬුවමට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති පොදු සමාව හිමිව නැහැ. ඔහු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් ද කර තිබුණා.