සිරකරුවන් හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය එකඟතාවකට එයි

රුසියානු – යුක්‍රේන රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවර දී හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා.

පැය දෙකකටත් අඩු කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී දෙරට අතර පවතින යුද්ධයේ සටන් විරාමයක් හෝ සටන් නිමාකිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී නැහැ.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයම යුද සිරකරුවන් දහස බැඟින් නිදහස් කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මෙම සිරකරුවන් හුවමාරුව සිදුවන දිනය සහ ස්ථානයක් පිළිබඳව තීරණය කර ඇතත්, ඒ පිළිබඳව මෙතෙක් අනාවරණ කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තුර්කියේ මැදිහත්වීමෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා යුක්‍රේන ජනාධිපතිවරයා තුර්කිය වෙත පැමිණ තිබුණ ද රුසියානු ජනාධිපති පුටින් එම සාකච්ඡා සඳහා පැමිණ නොසිටීම හේතුවෙන් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ද එම සාකච්ඡාව සඳහා වාඩි වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?