spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියළු දෙනාම පරිස්සම් වියයුතු දැඩි අවදානම් තත්ත්වයක් දිවයින පුරා ඇතිවෙයි

මේ වසර තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,000 කට වැඩි සංඛ්‍යාවක් හමුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.

ජුලි මාසයේදී පමණක් රෝගීන් 8000 කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුව නිසා ලබන 25 වැනි සඳුදා සිට විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

මෙලෙස රට පුරා ඩෙංගු රෝගය පැතිර යාම නිසා දැඩි වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩෙංගු බෝ වීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන ලෙස රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, කාර්යාල සහ වෙනත් පොදු ස්ථාන හදුනාගෙන තිබෙනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?