සියලු වාර්තා අලුත් කරමින්, ඊයේ දිනයේදී මෙරට තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් හෙළිදරව්වක්

මෙරටින් අඛන්ඩව දෛනික කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවා පස්වන දිනටත් ඊයේ වාර්තාවුණා.

ආසාදිතයන් 1,716 දෙනෙකු ඊයේ හඳුනාගැණුනු අතර එය කොරෝනා ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 375ක්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158ක් වාර්තාවී තිබෙනවා.

අනෙක් ආසාදිතයන් 919 වාර්තාවන්නේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින්.

පළමුවරට මෙරටින් දෛනික ආසාදිතයන් දහස ඉක්මවා වාර්තාවූයේ පසුගිය අප්‍රේල් 27 වනදා වන අතර එදින රෝගීන් 1,111 දෙනෙකු වාර්තාවූණා.

විසි අටවනදා එම සංඛ්‍යාවද අභිබවා දෛනික ආසාදිතයන් දැක්වුණේ 1,466ක් ලෙසයි.

එම ආසාදිතයන්ද ඉක්මවා යමින් 29 වනදා ආසාදිතයන් 1,531 දෙනෙකු වාර්තාවූ අතර, අප්‍රේල් 30 වනදා ආසාදිතයන් 1,662ක් වාර්තාවුණේ ඒ දක්වා මෙරට වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව සටහන් කරමින්.

කෙසේ වෙතත් ඊයේ දිනයේ එම වාර්තාව ද අලුත් කරනු ලැබුවා.

ඒ අනුව නව ආසාදිතයින් 1,716ක් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 109862ක් ලෙසයි.

නව රෝගීන්ගෙන් 1699 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 17 දෙනෙකු ද ආසාදිතයින් ලෙස තහවුරු කෙරුණා.

ඒ අනුව අලුත් අවුරුදු සමයෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 13406ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

තවදුරටත් රෝගීන් 12,697ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 96,478ක්.

දින හයක් තුළ මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තාවී ඇති අතර, ඊයේ දිනයේ ද කොරෝනා මරණ 09ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 687ක් දක්වා ඉහළ ගියා.

මෙම මරණවලින් හයදෙනෙකුම මියයෑමට කොවිඩ් නියුමෝනියා තත්වයද හේතුවී තිබෙනවා.

මියගිය අය අතර, අවුරුදු 33 ක් වයසැති යක්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන අතර, සෙසු පුද්ගලයින් අවුරුදු 57 ත් 79 ත් අතර වයස්වල පසුවන වලපනේ, කරඳන, දේවාලගම, රත්නපුර, කුලියාපිටිය, අවිස්සාවේල්ල, රුවන්වැල්ල සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කොරෝනා නීති උල්ලංඝනය කරමින් විශාල පිරිසක් රැස් කරගෙන දේව මෙහෙයන් පවත්වන ලද මන්නාරම ප්‍රදේශයේ දේවස්ථාන දෙකක් ඊයේ සිට සති දෙකකට වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගත්තා.

එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කළ 187 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔවුන්ගෙන් 45 දෙනෙකු ත්‍රිකුණාමලයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගල්කිස්ස ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 21ක්.

ඉන් අටදෙනෙකු සම්භාහන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09