සියලු රියදුරන්ට බරපතල අනතුරු ඇඟවීමක්

ගතවූ මාස අටක කාල​යේදී බීමත්ව රිය පැදවීම ඇතුළු විවිධ කාරණා මත රියදුරු බලපත්‍ර 725 ක් අධිකරණ නියෝග මත අවලංගු කර ඇතැයි රියදුරු බලපත් කොමසාරිස් වසන්ත ආරියරත්න පැවැසීය.

2021 ජනවාරි 01 වැනිදා සිට ආගෝස්තු 31 දක්වා කාලයේදී මෙම බලපත්‍ර අත්හිටුවා තිබේ.

බීමත්ව රිය පැදවීම, බරපතළ රිය අනතුරු ඇතුළු විවිධ කරුණු යටතේ අධිකරණ මගින් අත්හිටුවනු ලබන රියදුරු බලපත්‍ පිළිබඳ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් රියදුරු බලපත් කොමසාරිස්වරයා මේ බව පැවැසීය.

පසුගිය වසරේ ද අධිකරණ නියෝග මත රියදුරු බලපත්‍ර 1182 ක් අත්හිටුවා ඇතැයි ද කොමසාරිස්වරයා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?