සිමෙන්ති ගොඩබෑමේදී සිදුවන මහා පරිමාණ පරිසර විනාශය – බලධරයින්ගේ අවධානය පිණිසයි !

හම්බන්තොට වරායේ සිට කර්මාන්තශාලා දක්වා සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (ක්ලින්කර් – clinker, ජිප්සම් -gypsum , ස්ලැග්- slag ) පැටවීම හා බෑම අවස්ථාවල දී මෙන්ම ප්‍රවාහනයේදී ද විශාල වශයෙන් දුවිලි අංශු පරිසරයට මුදාහැරෙන බවත් එම තත්වය තුළ බරපතල පාරිසරික විනශයක් සිදුවන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඇතැම් සිමෙන්ති සමාගම් සංවෘත වාහක පටි (Covered Conveyer Belt) මගින් ප්‍රවාහනය කිරීමේ තාක්ෂණය උපයෝගිකර ගෙන ඇතත්, ඇතැම් සමාගම් එවැනි තාක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය නොකොට විවෘත ස්ථානවල මෙම අමුද්‍රව්‍ය ගොඩබැම් සිදුකිරීම නිසා මෙවැනි තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් සිමෙන්ති සමාගම් හම්බන්තොට වරායේ සිට ඔවුන්ගේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලා දක්වා ආවරණය නොකෙරූ ට්‍රක් රථ මගින් මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍යවේදීන් සහ පරිසරවේදීන් පවසන්නේ, දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන සංවෘත වාහක පටි (කන්වේයර් බෙල්ට්) භාවිතම කළහොත් අපතේ යෑම් සහ පරිසර දූෂණය අවම වන බවයි.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් අදාළ ප්‍රදේශයන්හි ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද විශාල හානියක් සිදුව තිබෙනවා .

මෙම අමුද්‍රව්‍යවල පවතින ඇතැම් රසායනික අංශු නිසා පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි පරිසර පද්ධතිය දැවැන්ත හානියක් දැනටමත් සිදුවී ඇති අතර මෙම හානිය දිගින් දිගටම සිදුවුවහොත් නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට වුවද සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.

අවස්ථා කිහිපයකදීම පරිසරවේදීන් මෙම කාරණය පරිසර අමාත්‍යංශයට සහ එහි ඉහල නිලධාරීන් දැනුවත් කර ඇති අතර, තවමත් ඔවුන් මුනිවත රැකගන්නේ එම සිමෙන්ති ආයතන වලින් කාලයක පටන් වරප්‍රසාද ලබාගන්නා නිසාද යන්න පවතින ගැටලුවක්.

වත්මන් රජය අපරාධ සහ දූෂණය පිටුදකින වැඩ පිළිවෙලක් දියත් කර ඇති යුගයක, පරිසර අමාත්‍යංශයේ සහ එහි ඉහළ නිලධාරීන් ගැන රජයේ අවධානය මේ සඳහා යොමු විය නොවේද ?

සිමෙන්ති අමුද්‍රව්‍ය ගොඩබැම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය සහ එහි ඉහළ නිලධාරීන්, ජාත්‍යන්තරය පිළිගත් නිසි ක්‍රමවේදයක් ලබාදෙන තුරු මේ සම්බන්ධව විමසිල්ලෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40