AFC Banner
AFC Banner
Empty Ad

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහතට (වීඩියෝ)

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහත දමා තිබෙනවා.

ඒ සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වීමත් සමග යි.

සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම්දුන්නේ.

මීට අමතර ව අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

COPF 20250108 1
COPF 20250108 2
COPF 20250108 7
COPF 20250108 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
0
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?