සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහතට (වීඩියෝ)

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහත දමා තිබෙනවා.

ඒ සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වීමත් සමග යි.

සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම්දුන්නේ.

මීට අමතර ව අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

COPF 20250108 1
COPF 20250108 2
COPF 20250108 7
COPF 20250108 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38