සත්කාර සිම්බාවේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රීඩක විශේන් හැළඹගේ එක්කර තිබීම විශේෂත්වයක්.
ඊට අමතරව SLC විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ දී දක්ෂතා අතරට පැමිණි කමිල් මිෂාර ද මෙම සංචිතයට ඇතුළත්
චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, විශේන් හැළඹගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න. මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන සැප්තැම්බර් 03 වනදා ආරම්භ වීමට නියමිතයි.





