සිම්බාබ්වේ ශ්‍රී ලංකා පළමු T20 තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. රාත්‍රී 7ටයි තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.

ජාත්‍යන්තරT20 තරඟාවලියක් වෙනුවෙන් වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සංචිතයට එක්වී සිටීම හේතුවෙන් නවක ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලබාගත හැකි බවයි.

පැතුම් නිස්සංක ද අද තරගය වෙනුවෙන් සූදානමින් සිටින බව වනිඳු ප්‍රකාශ කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා නම් කරනු ලැබුවා.

විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංගට හිමිව ඇති අතර කලකට පසු ඇන්ජලෝ මැතිව්ස්ටද විස්සයි විස්ස සංචිතයේ ඉඩක් හිමිව තිබීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ වනිදු හසරංග නායකයෙකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙයවන නමුත් පසුගියවර නිමාවූ LPL තරගාවලියේ ශූරතාවය දිනාගත් B – Love kandy කණ්ඩායමේ නායකත්වය දරණු ලැබුවේද හසරංග විසින්.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගත්තේද ශ්‍රී ලංකාවයි.

මේ අතර, ශ්‍රී ලංකා – සිම්බාබ්වේ 20යි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ප්‍රවේශ පත්‍රයක අවම මිල රුපියල් 200ක් වන අතර ඉහළම මිළ රුපියල් 3000ක් ලෙස දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57