සිම්බාබ්වේ කණ්ඩායම සමග T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන T20 තරඟාවලියට සහභාගී වීම සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ද අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර T20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

T20 තරඟ ලබන 14, 16 සහ 18 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සංචිතය

1) වනිඳු හසරංග – නායක

2) චරිත් අසලංක – උප නායක

3) කුසල් මෙන්ඩිස්

4) සධීර සමරවික්‍රම

5) කුසල් ජනිත් පෙරේරා

6) ඇන්ජලෝ මැතිව්ස්

7) දසුන් ශානක

8) ධනංජය ද සිල්වා

9) කමිඳු මෙන්ඩිස්

10) පැතුම් නිශ්ශංක – යෝග්‍යතාවයට යටත්ව

11) මහේෂ් තීක්ෂණ

12) දුෂ්මන්ත චමීර

13) ඩිල්ෂාන් මධුශංක

14) මතීෂ පතිරණ

15) නුවන් තුෂාර

16) අකිල ධනංජය

දෙරට අතර එක්දින තරගාවලිය මේවන විට පැවැත්වෙන අතර එහි පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

දෙවන එක්දින තරගය ඊයේ පැවති අතර එය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්. දෙරට අතර තුන්වන එක්දින තරගය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

418434907 380959281252325 3312124945485922639 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
22
+1
25
+1
9
+1
5
+1
14
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57