ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව එම සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 487ක්.
සිනොපෙක් සමාගම ද ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇති අතර, සුපිරි ඩීසල් ලීටරය නව මිල වන්නේ රුපියල් 572ක්.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් බවයි සිනොපෙක් සමාගම නිවේදනය කළේ.
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළා.
ඒ, අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 455ක්.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් ලෙසයිදැක්වෙන්නේ .
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගැනුණු අතර, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 443ක් වනවා.













