ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් 04 කට තුවාල – මිසයිල ප්‍රහාර වීඩියෝ කරන්න ගිහින්

ඉරානය විසින් දකුණු ඊශ්‍රායලයට ඊයේ (21) රාත්‍රියේ එල්ල කළ ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඩිමෝනා සහ අරද් නගර වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, ඩිමෝනා නගරයේ සිටි ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සසත නිව්ස් කළ විමසීමක දී පැවසුවේ.

තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රහාර එල්ල වන අවස්ථාවේ දී මිසයිල ප්‍රහාර වීඩියෝ කරමින් සිටි සිව්දෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි.

මේ අතර ඩිමෝනා නගරයට එල්ල වූ ප්‍රහාරවල දී ශ්‍රී ලාකිකයෙක් සේවය කළ නිවසක් ද හානි වී ඇති අතර, එම අවස්ථාවේ ශ්‍රී ලාංකිකයාට කිසිඳු හානියක් සිදුව නොමැති බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔහුව ආරක්‍ෂිත ස්ථානයක් වෙත මේ වනවිටත් යොමු කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇති බවයි තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ.

මේ අතර දකුණු ඊශ්‍රායලයේ අරද් නගර වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානි සිදුව නොමැති බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දකුණු ඊශ්‍රායලයට ඊයේ (21) රාත්‍රියේ ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් ඩිමෝනා සහ අරද් නගරවල පුද්ගලයින් 120 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14