සිනොපෙක් මොනව ද කරන්නේ?

මේ දිනවල මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ වඩාත් කතා බහට ලක් ව ඇති මාතෘකාවක් වන්නේ සිනොපෙක් සමාගම සහ එම සමාගම මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසීමයි.

උග්‍ර මූල්‍ය අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාව, දැැවන්ත චීන තෙල් හා ගෑස් සමාගමක් වන සිනොපෙක් සමඟ පසුගියදා ගිවිසුමකට එළැඹුණා.ඛනිජ තෙල් නිෂ්පානදන ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීමට අවස්ථාව හිමිකර දෙමින් වසර 20ක කාලයක් සඳහා මෙම දිගුකාලීන ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදයේ සමාගම් දෙකක් සමඟ රට තුළ ඉන්ධන සිල්ලර අලෙවිකරණය පුලුල් කිරීම සඳහා චීන රජය සතු සමාගමක් වන සිනොපෙක් සමඟ ගිවිසුම් ගත වීම මාර්තු මාසයේදී මෙරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
United Petroleum Australia සහ USA හි RM Parks මෙරට ඉන්ධන වෙළෙඳපොලට පිවිසීමට නියමිතව ඇති සෙසු සමාගම් ද්විත්වයයි.

ඉන්දියානු තෙල් සමාගමට (IOC) ක්‍රියාත්මක වීමට අවසර ලබා දෙන තෙක් 2003 දක්වා මෙරට ඉන්ධන සිල්ලර වෙළඳපොළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) යටතේ රාජ්‍ය ඒකාධිකාරයක් වුණා.

සිනොපෙක් සමාගමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් වෙන් කරනු ඇති අතර ඊට අමතරව සමාගම නව පිරිවුම්හල් 50ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව තවමත් සිය අර්බුදකාරී ආර්ථිකය සාමාන්‍යකරණය කිරීමට අරගල කරමින් සිටින අවස්ථාවක මෙම ගිවිසුමට එළැඹ තිබෙන්නේ ආර්ථිකයේ ධන වර්ධනයක් ඉලක්ක කර ගනිමින් බව පැහැදිලියි.

මේ අතර චීනයේ Sinopec සමාගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආයෝජන සිදු කිරීමට ප්‍රතිඥා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළා.

චීනය මෙරට වරාය සහ බලශක්ති අංශයේ ආයෝජන ඒකාබද්ධ කිරීමට උත්සාහ කිරීමේ පියවරක් ලෙස චීන රජය සතු සිනොපෙක් සමාගම හම්බන්තොට ආයෝජන ඉහළ නැංවීමට සැලසුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආසන්න අසල්වැසියා වන ඉන්දියාව සහ එක්සත් ජනපදය විසින් මතු කරනු ලබන ආරක්ෂාව පිළිබඳ ඉහළ යන ආතතීන් මධ්‍යයේයි.

යහපාලන රජය යටතේ බීජිං විසින් ඉදිකරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වටිනා හම්බන්තොට වරාය 99 වසරක බදු පදනම මත රජය සතු චීන සමාගමක් වෙත බදු දී තිබෙනවා.

වරාය අවට අක්කර 15,000ක කර්මාන්ත කලාපයක් පිහිටුවීමේ චීනයේ සැලසුම් තවමත් ක්‍රියාත්මක වී නැහැ.සිනොපෙක් සමූහයේ නියෝජිතයින් සහ ජනාධිපති වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කෙරුණු නිවේදනයේ දැක්වුණේ, “ඉන්ධන බෙදා හැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් හම්බන්තොට ප්‍රාථමික බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි.

ත්‍රිකුණාමලයේ නැගෙනහිර වරාය දිස්ත්‍රික්කයේ දකුණු ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානය සංවර්ධනය කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ මීට කලකට පෙරයි.

ත්‍රිකුණාමලයේ පිහිටි දිවයිනේ එකම තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා රාජ්‍ය ආයතනයක් වන ඉන්දියා ඔයිල් කෝපරේෂන් (IOC) මේ වන විටත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) නිරීක්ෂණ චාරිකාවකින් පසු ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පුනර්ජීවනය කර එය රටේ ආර්ථිකයට සම්බන්ධ කිරීමේ සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා ඛනිජ තෙල් අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියෝග කිරීමෙන් දින 10 කට පසුව සිනොපෙක් නිලධාරීන් සමඟ මෙම හමුව සිදු වීම අහම්බයක් නොවිය හැකියි.

චයිනා පෙට්‍රොකෙමිකල් කෝපරේෂන් ලෙසද හැඳින්වෙන සිනොපෙක් ලොව විශාලතම පිරිපහදු සමාගම වන අතර තුන්වන විශාලතම රසායනික සමාගම වනවා.

එය විශාලතම තෙල් හා ඛනිජ රසායනික නිෂ්පාදන සැපයුම්කරු වන අතර චීනයේ දෙවන විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා වන බව ඉකොනොමි නෙක්ස්ට් වාර්තා කරයි.ලොව දෙවැනියට වැඩිම පිරවුම්හල් සංඛ්‍යාවක් ඇති සමාගම සිනොපෙක් වනවා.
මෙම සමාගම 2021 දී Fortune හි ගෝලීය 500 ලැයිස්තුවේ 5 වන ස්ථානයට පත්වුණා.

කෙසේ වෙතත් ගැටලුව වන්නේ ශ්‍රී ලංකාව රජය සතු ඛනිජ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් ප්‍රතිව්‍යුහගතකරණය යන සංකල්පය ඉදිරියට දමමින් සිදු කරන්නේ පෞද්ගලික සමාගම් සඳහා මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොලට පිවිසීමට අවස්ථාව සැලසීමයි.

ජනාධිපතිවරයා මෙන්ම ඇමතිවරු සැම විටම පවසන්නේ රජ්‍ය ව්‍යාපාර සිදු නොකළ යුතු අතර එය රජය සතු කාර්යයක් නොවන බවයි.
නමුත් හාස්‍යයට කරුණ වන්නේ පෞද්ගලීකරණය සඳහා රජය විසින් තෝරා ගනු ලබන්නේ වෙනත් රටවල රජය සතු සමාගම් වීමයි.
අනෙක් අතට කොමියුනිස්ට් පාලනයක් යටතේ රාජ්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යන චීනය තම සමාගම් මාර්ගයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල රාජ්‍ය සම්පත් මිලට ගැනීම දෛවෝපගත සිද්ධියක්.

චීනය ඩොලර් බිලියන ගණනක ආයෝජන සමඟින් ශ්‍රී ලංකාවට ණය ලබා දීම, හම්බන්තොට හමුදා කඳවුරක් පිහිටුවීමේ සැලසුමක් පිළිබඳ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ කනස්සල්ලට හේතු වී ඇති බව ඉකොනොමි නෙක්ස්ට් වාර්තා කර තිබුණේ මෙවන් පසුබිමකයි.
ඊට හේතුව චීනය මෙරට තුල සිය ආයෝජන සීඝ්‍රයෙන් පුලුල් කිරීමයි.

බීජිනය එවැනි සැලැස්මක් ප්‍රතික්ෂේප කර ඇති අතර කොළඹ සමඟ තම ගමන සැමවිටම වාණිජමය අරමුණින් ක්‍රියාත්මක වන බව අවධාරණය කර තිබෙනවා. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් චීනයේ ආක්‍රමණශීලී ණය දීම “ණය උගුලක්” ලෙස දොස් පවරා ඇති අතර එය ස්වෛරී ණය පැහැර හැරීම මධ්‍යයේ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, චීනය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම “ණය උගුල” සංකල්පීය චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

චීනය, ඒ වෙනුවට, ණය උගුල සහ අර්බුදයට හේතුව ලෙස ශ්‍රී ලංකාව බටහිර රටවලින් ස්වෛරීත්ව බැඳුම්කර ණය ගැනීම් හේතු වී ඇතැයි පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?