සින්දූර් මෙහෙයුම සක්‍රීයයි – ඒත් හමුදා මැදිහත් වීමක් නෑ

පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරන ලද සින්දූර් මෙහෙයුම ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාකාරීව පැවතිය ද, එයට අඛණ්ඩ ව හමුදා මැදිහත් වීමක් සිදු නොවන බව ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මෑතක දී ඇති වූ සතුරුකම් නැවැත්වීම සෘජු ද්විපාර්ශ්වික ගිවිසුමක ප්‍රතිඵලයක් බවත්, විශේෂයෙන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මැදිහත්වීමක බලපෑමෙන් නොවන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා යළි යළිත් අවධාරණය කළා.

NDTV මාධ්‍ය වාර්තා කරන පරිදි, නෙදර්ලන්තයේ විකාශන නාලිකාවක් වන NOS සමඟ සම්මුඛ සාකච්ඡාවක දී, විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි.

පාකිස්තානය ‘ත්‍රස්තවාදය’ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දිගුකාලීන කනස්සල්ල ඉස්මතු කළ ජයශංකර් මහතා, එවැනි තර්ජනවලට තීරණාත්මකව ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාවට සෑම අයිතියක්ම ඇති බව අවධාරණය කළා.

අප්‍රේල් 22 වන දින ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිත 26 ක් අහිමි වීමෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ආතතීන් උත්සන්න වුණා.

මේ හේතුවෙන් ඉන්දියාව කාශ්මීරයේ (PoK) ත්‍රස්තවාදයට සම්බන්ධ ස්ථාන නවයක් ඉලක්ක කර ගනිමින් සින්දූර් මෙහෙයුම ආරම්භ කළා.

ඉන්දීය ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් ලෙස ජයිෂ්-ඊ-මොහොමඩ්, ලෂ්කාර්-ඊ-තායිබා සහ හිස්බුල් මුජාහිදීන් ඇතුළු කණ්ඩායම්වලට සම්බන්ධ ත්‍රස්තවාදීන් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30