සිංහයන්ගේ හඬටත් වඩා මිනිස් කට හඬට වන සතුන් බිය බව නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි

සිංහයන්ගේ ශබ්දයට වඩා මිනිස් කටහඬ වනගත ක්ෂීරපායී සත්වයන් තුළ බියක් ඇති කරන බව දකුණු අප්‍රිකාවේ කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

කෘගර් ජාතික වනෝද්‍යානයේ තැන් තැන්වල සඟවා ඇති ස්පීකර් හරහා සාමාන්‍ය ලෙස කතා කරන මිනිසුන්ගේ හඬ පටිගත කිරීම් වාදනය කිරීම ඔස්සේයි විද්‍යාඥයන් විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

එහිදී හෙළිවී ඇත්තේ මිනිසුන්ගේ හඩ ශ්‍රවණය වීමත් සමග වන සතුන්ගෙන් 95%ක් පමණ අතිශයින් බියට පත් වූ අතර ඉක්මනින් පලා ගිය බවයි.

ගොරවන සිංහයන්ගේ හඬ පටිගත කිරීම්වලට අනෙක් වන සතුන් සැලකිය යුතු ලෙස අඩු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විද්‍යාඥයන් විසින් වනෝද්‍යානයේ වාදනය කිරීමට තෝරාගත් මිනිස් කථනවලට අප්‍රිකාවේ බහුලව භාවිතා කෙරෙන දේශීය භාෂා ඇතුළත්ව තිබෙනවා.

මෙම අධ්‍යයනයේ සොයා ගැනීම්වලින් පෙනී යන්නේ දඩයම් කිරීම, ගිනි අවි භාවිතය සහ දඩයම් සඳහා සුනඛයන් යොදා ගැනීම හමුවේ මිනිසුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම අතිශයින්ම භයානක බව ඇන්ටිලෝප් සතුන්, වන අලි, ජිරාෆ්, දිවියන් සහ ඌරන් ඇතුළු වන සතුන් ඉගෙන ගෙන ඇති බවයි.

මෙම අධ්‍යයනයට අනුව, වන සතුන් දැක්වූ භීතිය කෘගර් ජාතික වනෝද්‍යානයෙන් ඔබ්බට විහිදෙන අතර ගෝලීයව සියලු වන සතුන් වෙනත් ඕනෑම විලෝපිකයෙකුට වඩා මිනිසුන්ට බිය වන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

වන ජීවී සංචාරක ව්‍යාපාරය මත යැපෙන ප්‍රදේශවලට මෙය අභියෝගයක් වන බව විද්‍යාඥයන් ප්‍රකාශ කරන අතර සංචාරකයන්ට දැක ගැනීමට අවශ්‍ය සතුන් සංචාරකයන් ද නොදැනුවත්වම බිය ගැන්වෙන බව ඔවුන් සඳහන් කළා.

මිනිසුන් වන ජීවීන් තුළ ඇති කරන බිය අවම කිරීම මෙන්ම මිනිසුන් හැසිරවීම අභියෝගයක් වන අතර ඒවා සත්ත්ව සංරක්ෂණ සැලසුම්කරණයේ සහ ආරක්ෂිත ප්‍රදේශ කළමනාකරණයේ අනිවාර්ය අංගයන් ලෙස සැලකිය යුතු බවයි සමීක්ෂණය සිදු කළ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සොයාගැනීම් හමුවේ පරිසර පද්ධතිවල අවදානමට ලක්විය හැකි සත්ව විශේෂ ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ද විවර කෙරෙන අතර මිනිස් ශබ්ද නිසි ලෙස භාවිතා කළ විට නීති විරෝධී දඩයම්වලින් සතුන්ට ආරක්ෂා වීමට ද උපකාරී වන බව සඳහන්.

මෙම ක්‍රමවේදය යොදා ගනිමින් රයිනෝ දඩයම් වැළැක්විය හැකිද යන්න පරීක්ෂා කිරීම අත්හදා බැලීම සඳහා ද කටයුතු කරන බවයි මෙම සමීක්ෂණය සිදු කළ කණ්ඩායම කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?